බ්‍රසීලයේ ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළට

ජූනි 24, 2021

    බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් වාර්තාගත ලෙස යළිත් ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 15,000කට අධිකයි.

    බ්‍රසීලයෙන් පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 2,400ක් පමණ වෙයි. එරටින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි අසූ එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    එරට කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ පන් ලක්ෂ 7,000ක් ලෙසයි.

    රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් සහ මොස්කව් හා නගරවලින් මෙතෙක් වාර්තා වන වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය ඊයේ සිදුව තිබේ. එරටින් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 548ක්. වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මරණ ඉහළ ගොස් ඇති බවයි බලධාරීන් පවසන්නේ. රුසියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට එක් ලක්ෂ 30,000 ඉක්මවා තිබේ. ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 53ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජූනි 2021 11:42

    Latest News