'ස්පුට්නික් එන්නත අධිශීතකරණවල තැබිය යුතුයි..සෞඛ්‍ය අංශ ඊට දැඩි පරිශ්‍රමයක් දරනවා'...

මැයි 07, 2021

    ස්පුට්නික් එන්නත පළමු වතාවට ඊයේ මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරිණ.

    මෙම එන්නත අධිශීතකරණ වල තැබිය යුතු වන අතර ප්‍රවාහනය කළ යුතු වන්නේ ද අධිශීතකරණ සහිත රථ වල බවත්, ඉතා කෙටි කාලයක් තුළ ඉක්මනින් ජනතාවට ලබා දීම ද කළ යුතු බව,වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    එමනිසා මෙම එන්නත ජනතාවට ලබා දීමේදී සෞඛ්‍ය කාර්යාංශ වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

    මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය සුදත් සමරවීර මහතා..

    ඉන්දියාව තුළ ද එංගලන්ත වෛරසයට සමාන වෛරසය පැතිරයාම හේතු කොටගෙන ඉන්දියාවේ පිරිසට ලංකාව තුළ සංචාරය කිරීම සම්පූර්ණ තහනම් කර තිබෙනවා. එම තීරණය ගත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිණිසයි. දිනපතා රෝගීන් එක්දහස් පන්සීයක් දෙදහක ප්‍රමාණයක් වාර්තා වන නිසා මේ වන විට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ද රෝහල් බවට පත්කිරීමට තීරණය කළා.

    මෙයින් බලාපොරොත්තු වන්නේ ආසාදිතයින් නිවාස තුල රඳවා ගන්නේ නැතුව ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන ඒමයි. මේ රෝගය මැඩ පැවැත්වීමට නම් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රෝගීන් පැමිණිය යුතුම වෙනවා. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට පුහුණුවලත් සෞඛ්‍ය කණ්ඩායම් යොදවල තිබෙනවා.

    ගැබිනි මව්වරුන් රැසකටත් මේ වන විට රෝගය ආසාදනය වී තිබෙනවා. එම නිසා සංකූලතා මතු වීමට ඉඩ තිබෙනවා. සංකූලතා මතුවීම මඟහැරවීමට නිවසෙන් කිසිම අයුරකින් ඔවුන් බැහැරට නොයා සිටීම වැදගත් වනවා.

    Last modified on සිකුරාදා, 07 මැයි 2021 10:01

    Latest News