දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ඊයේ, සංඛ්‍යාව1,662 ක්

මැයි 01, 2021

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ.

    ඒ අනූව අද දිනයේ වාර්තා වන සමස්ත 'කොවිඩ්-19' ආසාදිතයින් සංඛ්‍යාව 1,662ක් බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

    මෙරටින් ගතවූ දින 04 ක කාලය තුලදී පිට පිට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා විය. මෙරට දැනට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 108,146ක්.

    රෝහල් ගතව සිටින පිරිස 11,504ක්.

    වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ, ගතවූ දින 05ක කාලය තුලදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,769ක්, බවයි.

    Latest News