කොකේන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

අප්‍රේ 28, 2021

    සීදූව ප්‍රදේශයේ පිහිටි කුරියර් ආයතනයක් වෙත ලැබී තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී කොකේන් ග්‍රෑම් 95ක් සොයාගෙන තිබේ.

    ජැමෙයිකාවේ සිට නාරහෙන්පිට පදිංචි පුද්ගලයකු වෙත මෙම පාර්සලය යොමුකර තිබිණ.

    පාර්සලේ ස්වභාවය තිබූ සැකකටයුතු තත්ත්වය හේතුවෙන් අදාල හිමිකරු ගෙන්වා ඔහු ඉදිරියේ දී කරන ලද පරික්ෂා කිරීම වල දී පෙට්ටියෙ කාඩ්බෝඩ් අසුරන තුළ ඉතාම සුක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් ග්‍රෑම් 95ක් සොයා ගන්නා ලදී .

    සැකකරු වයස අවුරුදු 44 ක් පමණ වන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු වෘත්තියෙන් සංචාරක මාර්ග උපදේශක වශයෙන් සේවය කරන අයෙකි.

    සොයා ගන්නා ලද කොකේන් මුල වෙළදපොල වටිනාකම ලක්ෂ 25ක් පමණ වෙයි.

    ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලීසිය මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 09:05

    Latest News