මෙරටින් පළමු වරට කොවිඩ් ආසාදිතයින් 1000 ඉක්මවා වාර්තා වෙයි

අප්‍රේ 28, 2021

    දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ලෙස 1,111ක් අද දිනයේ දී වාර්තා වී තිබේ.

    මෙරට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 103,487ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 7,984ක්.මීට පෙර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ අතර ඒ ආසාදිතයින් 997ක් ලෙසින්.

    මේ අතර අද දිනයේදී කොරෝනා මරණ 8ක් ද වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 655ක්.

    ඒ අතරට වයස අවුරුදු 60 අඩු පුද්ගලයින් 05 ද අයත්. මෙලෙස මිය ගිය පිරිස පොල්ගොල්ල, හෙට්ටිපොල, මතුගම, නුගේගොඩ, පන්නිපිටිය, අඹගහපැලැස්ස, වත්තල හා ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

    Latest News