තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

අප්‍රේ 28, 2021

    වහාම ක්‍රියාත්මක වන පරිදී තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව, වැල්ලවාය නගර සභා සීමාව - වැල්ලවාය නගර සභා බල ප්‍රදේශය, වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක යන ග්‍රාම නිලධාරී වසම්.

    බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

    උහන කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

    මාතලේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය

    යන ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කර තිබේ. පවතින 'කොවිඩ් -19' අවදානම සැළකිල්ලට ගෙන එම තීරණ ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News