දක්ෂිණ අධිවේගී මාර්ගයේ බසයක කොරෝනා ආසාදිතයෙක්

ජන 17, 2021

    දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ දී කොළඹ සිට ගාල්ල බලා ගමන් කළ බස් රථයක අද (17) දින සිදුකළ අහමු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදී එක් මගියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

    අනතුරුව බසයේ රියදුරු කොන්දොස්තර ඇතුළ පැමිණි මගින් 18 දෙනාම නිවෙස්තුල නිරෝධායනය කිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

    කොරෝනා වෛරසය ආසාදනය වු මගියා ප්‍රථිකාර සදහා රෝහල්ගත කිරිමට කටයුතු කෙරිණ. පින්නදුව පිවිසුමේ දි රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 68ක් සිදුකළ බවද ඔහු සඳහන් කළේය.

    ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා පොලිසිය එක්ව මෙම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරනු ලබයි.

    Latest News