නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි

අප්‍රේ 26, 2021

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (25) දින පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වීම නිසා නගර හරහා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.

    නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ දුරට වැසි ජලයෙන් යට වි තිබුණි. වැසි ජලය අඩි තුනක් පමණ ප්‍රධාන මාර්ගයේ පිරි තිබුණි.

    වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වීමට හේතුවයි.

    මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාවලපිටිය නගර සභාව විසින් ඉකුත් මස නගරයේ ජලය රැස්වීම සම්බන්ධයෙන් තාවකාලික පිලියම් යෙදුවද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවද ජනතාව කියා සිටියි.

    Latest News