නීරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා මෙහෙයුම්

අප්‍රේ 26, 2021

    මේ වනවිට පවතින කොවිඩ් රෝග ව්‍යාප්තිය සළකා බලා නිරෝධායන රීති අනුගමනය නොකරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනුව ඊයේ (25) දිනයේ දී මුහුණු ආවරණ නොපැළදි සහ දුරස්ථභාවය තබා නොගත් 177ක් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ අතරින් 134ක් බස්නාහිර පළාතෙනි. පසුගිය ඔක්තෝබර් 30 දින සිට අද දක්වා කාලයක දී එක් දිනක දී වැඩිම පිරිසක් නිරෝධායන රීති උල්ලංඝණය කිරීම යටතේ අත් අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මේ දක්වා අත් අඩංගුවට පත්ව තිබෙන මුළු සංඛ්යාව 3647කි. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. සිවිල් ඇදුමින් සැරසුන නිළධාරීන් යොදවා මෙම මෙහෙයුම් වේගවත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    Latest News