ලොව ප්‍රථම අගමැතිනිය උපන් මහවලතැන්නට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණයට

අප්‍රේ 22, 2021

    ලෝකයේ ප්‍රථම අගමැතිනිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය උපන් ගම වූ බලංගොඩ මහවලතැන්න පුරවරයට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ (21) ආරම්භ කෙරිණි.

    මහවලතැන්න චන්දසේකර මුදලින්දාරාම මහා විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ මෙහෙයවීමෙන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ හා බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් පේමසිරි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

    මෙම අවස්ථාවට බලංගොඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සචින්ත කේෂාන් මහතා ඇතුළු ප්‍රදේශවාසින් එක්විය.

    Latest News