විශ්ව විද්‍යාල නොමැති දිස්ත්‍රික්ක දහකට අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් (වීඩියෝ)

ජූලි 16, 2020
  • කළුතර, ගාල්ල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ පුත්තලම, මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මේ සඳහා තෝරාගෙන තිබේ.

    ඒ අතරින් දිස්ත්‍රික්ක පහක ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විටත් අවසන් කර ඇතැයි අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටවා ඇති බවත් මෙරට සිටින පාසල් හැරයන අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් සඳහා කුසලතා සංවර්ධන දශකයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

    කුසලතා සංවර්ධන දශකයට අදාළව මෙම අධි තාක්ෂණික විශ්ව විද්‍යාල ඉදිකිරීමද සිදු කෙරෙන අතර තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය සහ ඒ ඒ විශ්ව විද්‍යාල පිහිටන දිස්ත්‍රික්කය අනුව බලා මෙම විශ්ව විද්‍යාල ඉදිකිරීම සිදුකෙරේ.

    තරුණ තරුණියන්ගේ දක්ෂතා සහ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන් රටටත් ලෝකයටත් වැඩදායී පුද්ගලයින් කරවීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය

    මීට සමගාමීව ශ්‍රී ලංකා ජෛව තාක්ෂණික සහ නවොත්පාදන උද්‍යානයක් පිහිටුවීම සඳහාද කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජූලි 2020 19:51

    Latest News