CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

අප්‍රේ 10, 2021

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

    ඒ අනුව ඔහු පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතායි.

    මෙම පත් කිරීම් සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සඳහන් වේ.

    Latest News