ඉන්ධන බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ගිනි ගනී

අප්‍රේ 10, 2021

    ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.

    ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට පමණ කොට්ටාව දෙස සිට මීටියාගොඩ දක්වා ධාවනය කරමින් තිබූ තෙල් බවුසරය පසු කර මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී එම වාහන දෙක එකිනෙක ගැටී තිබේ. ඒ සමඟම බවුසර් රියදුරු තම බවුසරය මාර්ගයේ වම් පැත්තට ගැනීමේදී ආරක්ෂිත වැටක් නොමැති ස්ථානයෙන් මාර්ගයෙන් පිටතට පැන ගල්තලාවක ගැටීමෙන් අනතුරුව මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය කියයි.

    සිදුවූ අනතුරෙන් රියැදුරු සහ සහයකයා තුවාල ලබා ඇති බව ද බවද පොලිසිය සඳහන් කරයි. එම දෙදෙනා නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇත.

    ගින්නත් සමග ම ඒ ආසන්නේ අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු පැයකට ආසන්න කාලයක් තාවකාලිකව නතර කළ බව පොලිසිය කියයි.

    Latest News