නීති විරෝධී දුම්වැටි, ගන්දර දී අත්අඩංගුවට

පෙබ 02, 2019

    මාතර, ගන්දර ප්‍රදේශයේ ඊයේ (01) නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

    නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 27ක අයෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ගන්දර, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    Latest News