කෝටි 8 කට අධික රත්‍රං කල්පිටියෙදී අත්අඩංගුවට (ඡායාරූප)

පෙබ 02, 2019

    11.6 kg ක බරින් යුතු රුපියල් කෝටි 8 කට වඩා වටිනා රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කල්පිටියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    2

    අත්අඩංගුවට පත් පුද්ගලයින් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 33 සහ 29 වන වියෙහි පසුවන අතර, රත්‍රං ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් ද එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

    1

    අත්අඩංගුවට පත් පුද්ගලයන්, රත්‍රං තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන මෙහෙයම් කටයුතු හේතුවෙන් පසුගිය වසර තුළ පමණක් නිතී වි‍රෝධී අයුරින් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රත්‍රං කිලෝග්‍රෑම් 62 අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට අයත් මුහුදූ සීමාවේ සිදු කරනු ලබන නීති විරෝධි කටයුතු මැඩපැවත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටී.

    Last modified on සෙනසුරාදා, 02 පෙබරවාරි 2019 16:49

    Latest News