සේනාගේ බහින කලාව ඇරඹේ - ඇමති හැරිසන්

පෙබ 02, 2019

    සේනා දළඹුවා ව්‍යාප්තියේ යම් පාලනයක් සහ මර්ධනයක් ඇතිවි ඇතැයි කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි.

    කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරී මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යය පී හැරිසන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මහ ඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග හා පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    අමාත්‍යය පී හැරිසන් මහතා අද (02) කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග හා පර්යේෂණ ආයතනයේ හා එප්පාවල ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ නිරීක්ෂණය නිරතවිය.

    අමාත්‍යය පී හැරිසන් මහතා “සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් වගේම මර්ධනයක් ඇති වෙලා තිබෙනවා. දැනට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට ඒ සඳහා අවශ්‍ය පෙළගැසීම දැන් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය ආයතන වලට ස්තූති කරන්න ඕන මාධ්‍ය ආයතන ලබා දුන් සහයට, ඒ වගේම සියළුම රාජ්‍යය නිළධාරීන්, අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයේ සියළුම නිළධාරී මහත්ම මහත්මීන් ලබා දුන් සහය වගේම ගොවි මහතුන් අපිට ලබා දුන් සහයෝගය සුළුකොට සලකන්න නරකයි. ඒ අයගේ ලොකු උනන්දුවක් තිබුණා මේ දළඹුවා පාලනය කර ගන්නට, මේ දළඹුවා ව්‍යාප්ත වුණ ප්‍රදේශ හදුනා ගැනීම්, අලුත් පර්යේෂණ වලට දේශිය වෛද්‍යවරුන්, පරිසරවේදීන් අපිට පූර්ණ සහයෝගයක් ලබා දුන්නා. ඒ සියළු දෙනාටම ස්තූති කරනවා. එහි ප්‍රථිපලයක් ලෙස සේනා දළඹුවා යම් තාක් දුරට පාලනය කර ගන්නට හැකි වෙලා තියෙනවා. දේශීය අත්බෙහෙත් වලට අපි තැනක් දුන්නේ නෑ කියන චෝදනවා මම ප්‍රතික්ෂේප කරනවා, දැනටමත් විවිධ ගම්මාන වලින් සොයා ගත් බෙහෙත් වර්ග 08 ක් මේ මහඉලුප්පලම පර්යේෂණාගාරයේ පරීක්ෂණ මට්ටමේ තියෙනවා. සොයාගත්ත දෙයක් අපි එළියට දානවා නම් ඒ පර්යේෂණයේ සත්‍යතාවයක් තිබිය යුතුයි, එහෙම වුණොත් තමයි අපිට මේ සත්‍යභාවය අනුව කටයුතු කරන්න වෙන්නේ. එහෙම නැතිව ගොවීන් හා රටට හදුන්වලා දීලා ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ සම්බන්ධ වගකීමත් රජයට එනවා.

    අතිගරු ජනාධිපතිතුමත්, අග්‍රඅමාත්‍යතුමත් කෘෂිකර්මයට විශාල ආයෝජනයක් කරලා තියෙනවා, පොහොර සහනාධාරය වෙනුවෙන් බිලියන 36 ක් විතර වෙන් කරලා තියෙනවා.මේ දවස් වල ලොකුම කථාව තියෙන්නේ සේනා දළඹුවා ගැනනේ, සේනා දළඹුවා බඩඉරඟුත් කාලා, රටත් කාලා අපිත් කනවා. සමහරු අහනවා දළඹුවා ආවේ ඇට වලින්ද කියලා, සමහරු අහනවා විද්‍යාගාරයක් තුළ හදලා මේක එළියට දැම්මද කියලා. මගේ මිත්‍ර විමල් වීරවංශ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී මගෙන් ඇහුවා මේ දළඹුවා කොහොමද පියාඹාගෙන ආවේ කියලා. මේ මනුස්සයා දළඹුවා දන්නේ නෑ- සලබයා දන්නේ නෑ, හැබැයි බහුශුතයා, හැමදෙයක්ම දන්න මිනිහා. එතනදී හරි බලනවා මේකේ පොඩි කොනක් අල්ලා ගන්න පුළුවන්ද කියලා. අපි හමුවේ දළඹුවා වගේම අපි හමුවේ ප්‍රශ්නයක් තියෙනවා, ගොවීන්ගේ නිෂ්පාදන වලට හොඳ මිලක් ලබා දෙමින් ගොවියා ආරක්ෂා කිරීමට අපි වැඩපිළිවෙල සකස් කරනවා යනුවෙන් ඔහු පැවසීය.

    එහිදී වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් පි. හැරිසන් මහතා කියා සිටියේ ජාතික ආණ්ඩුව අලුත් දෙයක් නොවන බව මීට පෙර පැවතියේද ජාතික ආන්ඩුවක් බවයි. ජාතික ආණ්ඩුවක් වරදක් ලෙස නොදකින බවත් ඔහු කියා සිටියේය.

    “අපි ඔක්කොම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවේ රට හදන්නනේ, ඒක නිසා ඒ ක්‍රියාදාමය ඉස්සරහට ගියාට කිසි ගැටලුවක් නෑ, මේ ජාතික ආණ්ඩුවට ඕනම පක්ෂයකට සහභාගී වෙන්න පුළුවන්.ඒකට බාධාවක්.මේ කාර්යය සම්බන්ධයෙන් දැනට සමහර තැන් වල සාකච්ජා පැවැත්වෙනවා“

    එක්සත් ජාතික පෙරමුණ ශ්‍රි ලංකා නිදහසද් පන්ෂය සමග සම්බන්ධවි ජාතික ආණ්ඩුව 2015 හැදුවත් දී යම් යම් ප්‍රශ්න ඇති වු බවත් ඔහු කියා සිටියේය. එම ගැටළු සමතයකට පත් කර පත් කර ඉස්සරහට යන්න සුදානම් බව අමාත්‍යවරය වඅධානර කළේය. පසුපෙළ මන්ත්‍රීන් සැනසීමට කරන ක්‍රියාවක් නොවන බවත් අභියෝග ආව අවස්ථා වලදී හැමෝම එකා වගේ මුහුණ ප්‍රශ්න වලට මුහුණ දුන් බවත් අමාත්‍ය පි. හැරිසන් කියා සිටියේය.

    “ ඇමරිකාවත් එක්ක ආණ්ඩුව ගිවිසුම් ගත වෙලා ඇමරිකාණු යුධ හමුදා කඳවුරක් ස්ථාපිත කරන්න යනවාලු කියලා වලු කථා කියනවා. හැබැයි මම නම් දැකලා නෑ එහෙම ගිවිසුමක් තියෙනවාද කියලා. අපිට එහෙම ගිවිසුමක් අවශ්‍යය වෙන්නෙත් නෑ, අපිට ශක්තිමත් හමුදාවක් ඉන්නවා රටේ ආරක්ෂාවට. ඒ ආරක්ෂාව ඇති.ඇමරිකාවේ හමුදාවේ කවුරු හරි ඇවිත් යන්න එන්න ඇති, අපිට සංචාරය කරන ඒවා තහනම් කරන්න බෑනේ, ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකයේ විවිධ රට වල හමුදා නිළධාරීන්, විශේෂඥයින් එනවා ලංකාවට සංචාරක කර්මාන්තය වෙනුවෙන් ආවද, රාජකාරියකට ආවාද, පෞද්ගලික හිතවත්කමකට ආවද අපි දන්නේ නෑ“ යැයි පැවසීය.

    Latest News