ජාතික ආණ්ඩුවක්;යෝජනාව කතානායකට 

පෙබ 01, 2019

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයත් සමඟ එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පෙන්වා දෙමින්, සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    එමඟින් ඉල්ලා ඇත්තේ, අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙසයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 48ක් නොයික්ම විය යුතුයි.

    කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 නොයික්ම විය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බවයි, එම යෝජනාවේ දැක්වෙන්නේ.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 18:14

    Latest News