එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද

මාර් 23, 2021

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවට අදාළ ඡන්ද විමසීම මෙරට වේලාවෙන් පස්වරු 2.00ට සිදු කෙරෙනු ඇති.

    ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ,ඊයේ. ගැටලු කිහිපයක් හේතුවෙන් එය අද පැවැත්වීමට තීරණය කෙරිණ.මූලික කණ්ඩායමක් විසින් අදාළ යෝජනාව සභාගත කරනු ලැබීය.

    එම කණ්ඩායම බ්‍රිතාන්‍ය,කැනඩාව,ජර්මනිය,මලාවි,මෝන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව අයත්. යෝජනාවට පදනම් වී ඇත්තේ,ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවයි. එම වාර්තාව පසුගිය මස කොමිසමට ඉදිරිපත් කෙරිණ.

    එහි ඇති මෙරටට අහිතකර බලපෑම් සම්බන්ධයෙන් පක්ෂව රටවල් 21ක් අදහස් දැක්වීය. වාර්තාවට සහය වූයේ රටවල් 15ක් පමණයි.ශ්‍රී ලංකා රජය,රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් හා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එක්ව යෝජනාව පරාජය කිරීමට වැඩපිළිවෙළක් සකසා තිබේ.

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විවිධ මට්ටමින් මානව හිමිකම් කවුන්සිලයට මෙවර අදහස් දැක්වීම විශේෂත්වයක්. එම අදහස් දැක්වීම සිදු කෙරෙන්නේ,ශ්‍රී ලංකාවට පක්ෂවයි.අවසන් ඡන්ද විමසීමේ ප්‍රතිඵලය කුමක් ද යන්න හා ඉන්දියාව වැනි රටවල් එහිදී ගනු ලබන ස්ථාවරය පිළිබඳව දේශපාලන විචාරකයින් දැඩි සැලකිල්ලක් දක්වයි.

    Last modified on අඟහරුවාදා, 23 මාර්තු 2021 12:40

    Latest News