රාජගිරියේ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක්, තවත් අයෙක් මරුට

මාර් 23, 2021

    ආයුර්වේද වටරවුම ආසන්නයේ, බණ්ඩාරනායකපුර මාර්ගය අසල සිදු වූ රිය අනතුරකින් 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

    රිය අනතුර අද අලුයම 4.30 පමණ සිදුවී ඇත.

    වැලිකඩ ගුවන් පාලමත් ආයුර්වේද වටරවුම අතර කලාපයේ කොළඹ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් මාර්ගයේ ගමන් කරන වාහන පරීක්ෂාවක නිරත වී තිබේ.

    ඔවුන් මාර්ගය ගමන් ගත් කුඩා ලොරි රථයක් පරික්ෂා කරමින් සිටියදී බත්තරමුල්ල දෙස සිට අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකරමින් ධාවනය වී තිබේ.

    අනතුරින් මාර්ග පරික්ෂාවේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයා සහ කුඩා ලොරි රථයේ රිය සහායකයා මියගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් තලවතුගොඩ පදිංචිකකරුවෙක් වන වාහනය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News