හෙරොයින් 2kg සමග සැකකරු රාජගිරියේදී අල්ලයි

මාර් 17, 2021

    රාජගිරිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02කට අධික තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්. සැකකරු රාජගිරිය ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

    එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 245යි මිලිග්‍රෑම් 560ක් තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර තුන්මෝදර, ජාඇළ, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශවලදී ද ඊයේ හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

    Latest News