ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මාතරින්

මාර් 16, 2021

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 248 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 49 ක් ලෙසය.

    ඊට අමතරව, මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 බැගින් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 103 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    අද උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 84,248 ක් වේ. ඉන් පුද්ගලයින් 83,569 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 88,237ක් වන අතර ඉන් පුද්ගලයින් 84,968 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (16) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2,737 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 321ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද උදෑසන වනවිට මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් කොච්චිකඩේ, පමුණුගම, යාපනය, ගම්පහ සහ (උතුරු) කළුතර යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (16) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 532 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (16) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 105ක් තුළ පුද්ගලයින් 10,411 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (15) දිනය තුල PCR පරික්ෂණ 5,543ක් සිදුකර ඇත

    Latest News