ප්‍රථම වැල්දොඩම් නිෂ්පාදන ගම්මානය විවෘත කෙරේ

මාර් 16, 2021

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනූව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක සෞභාග්‍යා සමෘද්ධි ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ප්‍රථම වැල්දොඩම් නිෂ්පාදන ගම්මානය විවෘත කෙරිණ.

    ඒ ඕකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී.

    මෙමගින් ප්‍රදේශයේ පවුල් 100කට අධික ප්‍රමාණයකට සෙත සැලසෙයි.

    තෝරාගත් පවුල්වල අක්කර කාලේ සිට අක්කරය දක්වා විශාල ඉඩම්වල වැල්දොඩම් වගාව සඳහා අවශ්‍ය වන කොංක්‍රීට් කණු,කම්බි,කොම්පෝස්ට් පොහොර,උසස් තත්වයේ පැල සහ අස්වනු නෙලීම සඳහා අවශ්‍ය කූඩ නොමිලයේ ලබා දෙයි.

    Latest News