රුපියල් මිලියන .82.5ක වියදමින් යටිනුවරට ප්‍රා.ලේකම් කාර්යාලයක්

පෙබ 19, 2021

    රුපියල් මිලියන 82.5ක වියදමින් ඉදිකරන ලද යටිනුවර ප්‍රාදෙශීය ලේකම් කාර්යාලයේ නව පස් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සිදුවිය.

    ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ වාරිමාර්ග අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

    යටිනුවර ප්‍රාදෙශීය ලේකම් කාර්යාලයේ වර්තමාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ඉන්දික අනුරුද්ධ පියදාස මහතා විසින් සිදුකරනු ලැබූ මෙහෙය අගයමින් මෙම අවස්ථාවේදී සමරු තිළිණයක් ද එම මහතා වෙත පිරිනැමීම සිදු වු අතර, ප්‍රදේශයේ ජනතාවට වඩාත් පහසුවක් වන පරිද්දෙන් රාජ්‍ය සේවාවන් රැසක් මෙම පස් මහල් ගොඩනැගිල්ල තුල ස්ථාපිත කර ඇත.

    මෙම අවස්ථා‍වේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම අරමුණුවී ඇති බවයි.

    එමෙන්ම මහනුවර නාගරික අප ජල කළමනාකාරණ ව්‍යාපෘතිය වර්තමාන කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කටයුතු කළේය.

    ඒ අනුව ගන්නෝරුව ප්‍රදේශයේ ස්ථාපිත අපජල කළමනාකරණ පද්ධති භූමිය වෙත ගොස් එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එම ව්‍යාපෘති නිලධාරීන් සමග සුහද සාකච්ඡාවක නිරතවෙමින් ආණ්ඩුකාරවරයා ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද සොයාබැලීම සිදුවිය.

    Latest News