බස්නාහිර පළා‍තේ 57,000කට අද කොවිඩ් එන්නත

පෙබ 17, 2021

    බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට ආසන්න ප්‍රමාණයකට අද (17) දිනය තුළ කොවිඩ් එන්නත ලබාදීමට නියමිතයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි,වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජා-ඇල හා කැලණිය යන සෞඛ්‍ය බලප්‍රදේශවලත් හඳුනාගත් ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාසවල ජනතාව එන්නත ලබාදීමට නියමිතයි.

    ඒ අනූව වයස අවුරුදු 30 - 60ත් අතර එම ප්‍රදේශයේ සියලුදෙනාට අද දිනය තුළ එන්නත් ලබාදීමට

    Last modified on බදාදා, 17 පෙබරවාරි 2021 12:46

    Latest News