තුන්කෙම්හෙල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් වටලයි

පෙබ 14, 2021

    වැල්ලවාය තුන්කෙම්හෙල රක්ෂිතයේ මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් වටලා ලක්ෂ ගනනක දැව සහ උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා‌ වේ.

    වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය හදපානාගල තුන්කෙම්හෙල රක්ෂිතයේ ඊයේ (13) සිදු කළ හදිසි වැටලීමකදී මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් වටලා තිබේ. රක්ෂිතයේ පරිසරය විනාශ කරමින් මෙම දැව ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් විසින් විශාල ප්‍රමානයේ කුඹුක් ගස් කපා දමා ජංගම ලී ඉරුම් යන්ත්‍ර මගින් එවා කපමින් සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පිරිස පලාගොස් ඇති අතර පසුව එක් සැකකරුවකු වනසංරක්ෂණ නිලධාරීන් වෙත භාර වී තිබේ.

    එම සැකකරු ජනාවාස හතර ගම්මානය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර අත්අඩංගුවට ගත් දැව තොගය රුපියල් ලක්ෂ දහදහයකට අධික වටිනාකමකින් යුත් බව වනසංරක්ෂණ නිලධාරීන් පැවසීය. සැකකරු සහ දැව තොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    wellawayatim_01.jpg

    wellawayatim_02.jpg

    wellawayatim_03.jpg

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 11:13

    Latest News