කිසිදු දිනක වගා නොකළ බිමක කුඹුරක් අස්වද්දා අස්වනු නෙලයි (ඡායාරූප)

පෙබ 14, 2021

    කිසිදු දිනක වගා කර නොමැති බිමක කුඹුරක් අස්වද්දා අස්වනු නෙලීමේ උත්සවය ඊයේ (13) සිදු කරන ලදි.

    ජනපතිතුමන්ගේ රට හදන සෞභ්‍යය දැක්මට තවත් ශක්තියක් පෝෂණ කරමින් පුත්තලම - කල්අඩිය,මදුරගම ග්‍රාමයේ ඇති මහසෙන් වැව යටතේ අක්කර 22 ක කුඹුරු යායක් මේ අනුව වගා කර අස්වැන්න නෙලීම සිදු කරන ලදි. අස්වැන්න නෙලීම් ආරම්භ කරන ලද්දේද පුරාණ චාරිත්‍ර විධි අනුගමනය කරමින් වීම විශේෂත්වයක් විය.

    මදුරගම ග්‍රාමයේ මහසෙන් වැවට ආසන්නයෙන් පිහිටා ඇති අක්කර 27 ක භූමියක් මුලින්ම මහසෙන් ගොවි සංවිධානය විසින් වගා කටයුතු සදහා හදුනා ගෙන ඇත. අනතුරුව අදාල ඉඩම පිරිසිදු කර කුඹුරක් බවට පරිවර්තනය කිරීමට ඔවුන් සමත්වී ඇත.

    ප්‍රදේශයේ ගොවීන් 47 දෙනෙකු අක්කර ½ බැගින් වන බිම් කට්ටි බෙදා ගෙන අනතුරුව වගා කටයුතු සිදු කර ඇත.

    මෙම කටයුත්ත සදහා ජනසවිය සෙඩෙක් ආයතනයද මහසෙන් ගොවි සංවිධානයට සහාය ලබා දී ඇත. මාස 03 කට පෙර වගාවන් සිදු කළ කුඹුරු යායේ අස්වැන්න නෙලීම පසුගිය 13 වැනිදා සිදු කරන ලදි.ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ගෙවියන් සහ ගෙවිළියන් විසින් අස්වැන්න නෙලීම ආරම්භ කරන ලදි. වර්තමානය වන විට සමාජයෙන් තුරන් වී යමින් පවතින ගොයම් කවි ගායනා කිරීම, ගෙවිළියන් විසින් ඇඹුළ රැගෙන ඒම ඇතුළු චාරිත්‍ර මෙහිදී සිදු කරන ලදි.

    පුත්තලම - 3 කණුව මදුරගම ශ්‍රී සුමංගලාරාමාධිපති පුජ්‍ය සියඹලෑවේ සිරි සුමන හිමියන්ද, ජනසවිය සෙඩෙක් ආයතනයේ අධ්‍යක්ෂක ලූක් නෙල්සන් පියතුමන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

    Putt-paddy-02.jpg

    Putt-paddy-04.jpg

    Putt-paddy-05.jpg

    Putt-paddy-06.jpg

     

    Putt-paddy-10.jpgPutt-paddy-09.jpg

    Putt-paddy-10.jpg

    Putt-paddy-11.jpg

    Putt-paddy-12.jpg

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 11:04

    Latest News