බලපත්‍ර නොමැති දැව සමග 3ක් අත්අඩංගුවට

සැප් 09, 2021

    බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනයට තහනම් දැව කැබලි විශාල තොගයක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට පත්ව තිබේ.

    අදාළ දැව තොග ප්‍රවාහනය කරමින් තිබූ බව කියන ලොරි 2ක් ද අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.

    පුත්තලම -අනුරාධපුර මාර්ගයේ 6 කණුව සහ 7 කණුව ප්‍රදේශයේ දී ඉකුත් 8 දින දහවල් 11ත් රාත්‍රී 8 30.ත් අතර කාලයේදී මෙම වැටළීම් සිදුකළ බවත් එම කාර්යාලය පැවසීය.

    මෙම එක් දැව ලොරියක් ඔඩ්ඩුසුඩ්ඩාන් ප්‍රදේශයේ සිටත් අනෙක් දැව ලොරිය මුරුන්කන් ප්‍රදේශයේ සිටත් ධාවනය වෙමින් තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මෙහිදී සඳහන් කළේය.

    ඔඩ්ඩුසුඩ්ඩාන් ප්‍රදේශයේ සිට ධාවනය වෙමින් තිබූ දැව ලොරියේ "අත්‍යවශ්‍ය සේවා" යනුවෙන් සදහන් දැන්වීමක්ද ප්‍රදර්ශනයකර තිබූ බවත්, දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගත් එහි ඇහැටු , නුග, මාදං, හැළඹ, අඹ ආදී දැව කැබලි දළ වශයෙන් කිළෝග්‍රෑම් විසිදහසක් පමණ ප්‍රවාහනය කරමින් තිබී බවට එම විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    කිසියම් වාහනයකින් ප්‍රවාහනයට අවසර ඇත්තේ , බලපත්රබ අවශ්‍ය නොවන කජු, අඹ,කොට්ටම්බා වැනි දැව පමණක් බවත්, මෙම ලොරියේ එසේ බලපත්‍ර අවශ්‍ය නොවන දැව ලෙස ඇත්තේ අඹ දැව තොගයක් පමණක් බවට අනාවරණය වී ඇති බවත් වනජීවී කාර්යාලය පැවසීය.

    කෙසේ වෙතත් වන වෘක්ෂලතා අඥා පණත යටතේ යටතේ මාදම් දැව දැඩි ආරෂිත ශෘකයක් බවත් මෙහි පළමු ලොරියේ මාදම් දර තොගක් තිබූ බවත් මෙම ලොරිරථවල ප්‍රවාහනය කළ අඹ දර හැරෙන්නට අනෙක් සියළු දැව වලට ප්‍රවාහන බලපත්‍රයක් තිබිය යුතු බවයි වන ජීවී නිළධාරින් සදහන් කරන්නේ.

    මෙහිදී මුරුන්කන් ප්‍රදේශයේ සිට බියගම ප්‍රදේශයට ධාවනය වෙමින් තිබියදී පුද්ගලයෙකුද සමග අත් අඩංගුවට ගත් බව කියන අනෙක් ලොරියේ ද දැව කැබලි විශාල තොගයක් අඩංගුව ඇති බව ද වාර්තාවේ.

    මෙම වැටළීම්වලට අදාළ විමර්ශන තවදුරටත් කරගෙන යන බවද කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේය.

    Latest News