අගමැතිතුමා ඓතිහාසික කන්දේ විහාරය වැඳ පුදා ගනී

පෙබ 14, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අලුත්ගම ‌ෙඒතිහාසික කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    ‌‌ෙඒතිහාසික කන්දේ විහාරයට ඊයේ පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු කන්දේ විහාරාධිපති සහ අමෙරිකාවේ ෆ්ලොරිඩා බෞද්ධ විහාරාධිපති කීර්ති ශ්‍රී වාගීෂ්වර විනයාචාර්ය ගෞරව ශාස්ත්‍රාවේදී පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    අනතුරුව අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියේය. කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තර වළල්ලාවිට කොරලයේ ප්‍රධාන සංඝනායක ධූරය හොඹවනු ලබන්නේ ද, පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් විසින්.

    රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ප්‍රාදේශීය මහජන නියෝජිතයින් පිරිසක් ද මේ අවස්ථාවට ඒක්වූහ.

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 11:26

    Latest News