බුදුරුවාගල රක්ෂිතයේ තේක්ක දැව ජාවාරමක් වටලයි

සැප් 09, 2021

    බුදුරුවාගල රක්ෂිතයේ තේක්ක දැව ජාවාරමක් වටලා කැබ් රථයක්, දැව තොගයක් සමග දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් බුදුරුවාගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බුදුරුවාගල රක්ෂිතයෙන් තේක්ක දැව කපා කැබ් රථයකින් ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් විසින් ඉතාමත්ම සූක්ෂම ලෙස තේක්ක දැව කපා මෙලෙස ප්‍රවාහනය කරමින් සිට ඇත.

    අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී කැබ් රථය තුල සගවා ප්‍රවාහනය කරමින් සිටී තේක්ක දැව කඳන් විසිපහක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම දැව තොගයේ වටිනාකමක මෙතෙක් තක්සේරු කර නොමැත.

    සැකකරුවන් බුදුරුවාගල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු දහනවය සහ විසිදෙක යන වයස්වල පසුවන්නන් දෙදෙනකු බව වැල්ලවාය පොලිසිය පැවසීය.

    එම සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News