මොණරාගල, මහා පරිමාණ බුරුත දැව ජාවාරමක්

අගෝ 26, 2022

    මොණරාගල, දොඹගහවෙල ප්‍රදේශයේ මහා පරිමාණ බුරුත දැව ජාවාරමක් හෙළි කර ගැනීමට දොඹගහවෙල පොලිසිය සමත්ව තිබෙනවා.

    අප වාර්තාකරු පවසන්නේ, සිදු කෙරුණු වැටලීමේදී රුපියල් 60 ලක්ෂයකට අධික දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් එම ස්ථානයේ ජංගම ලී ඉරුම් උපකරණ යොදා ගනිමින් බුරුත දැව ඉරමින් සිටි බව, වාර්තා වනවා. එහි තිබී විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බුරුත දැව කදන් 135 ක් උලුවහු කදන් 89 ක් හා තවත් භාණ්ඩ කිහිපයක් පොලිස් බාරයට ගැනුණා. සැකකරුවන්, දොඹගහවෙල ප්‍රදේශයේම පදිංචිකරුවන්. අප වාර්තාකරු සඳහන් කළේ, ඔවුන් සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ බවයි.

    Latest News