පුත්තලමේ දැව ජාවාරාමක් හෙළිවෙයි

දෙසැ 26, 2021

    පුත්තලම නිවසක සඟවා, බලපත්‍ර නොමැතිව කලක් සිට නීති විරෝධී අයුරින් පවත්වා ගෙනගිය, දැව ජාවාරමක තොරතුරු අණාවරණය කරගැනීමට පුත්තලම පොලිසිය සමත්වී ඇත.

    ලද තොරතුරකට අනුව ඊයේ (25) සිදුකළ වැටලීමකදී පුත්තලම, සෙබස්තියන් මුනිපුර සුඛෝපභෝගී නිවසක විකිණිමට ගබඩා කර තිබූ දැව තොගයක් සැකකරුවන් දෙදෙනකු සමග මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා. දැව තොගය සමග ලොරි රථයක්ද අත් අඩංගුවට ගෙන ඇත.

    දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 26 දෙසැම්බර් 2021 11:35

    Latest News