වත්තලට පැය 18ක ජල කප්පාදුවක්

පෙබ 08, 2021

    වත්තල ප්‍රදේශ කිහිපයකට අද (08) රාත්‍රී 10.00 සිට පසුදා (09) පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහණ මණ්ඩලය පවසයි.

    ඒ අනූව හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසක් යන ප්‍රදේශවලට එම කාලසීමාව තුල ජල සැපයුම අත්හිටුවනු ඇති.

    හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබේ.

    Latest News