පෞද්ගලික බස් රථ වර්ජනයට ගැන සාකච්ජාවක් අද

පෙබ 08, 2021

    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර සාකච්ඡාවක් අද (08) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

    පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, හෙට දිනයේ පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

    කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු එම වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

    Latest News