පෞද්ගලික බස් වැඩ වර්ජනයක

අගෝ 05, 2022

    පෞද්ගලික බස්රථ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වී තිබේ. කිසිදු දැනුම් දීමකින් තොරව, බස් ගාස්තු පහළ දැමීමට ක්‍රියා කිරීම සහ ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම හේතුවෙනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

    නමුත්, ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරුණු අයුරු ද දක්නට ලැබිණ. අද දිනයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්, සියලු බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදෙනවා.

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් ගාස්තුව සියයට 11.4 කින් පහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගැනිණ. ඒ අනුව, සාමාන්‍ය ප්‍රවාහන සඳහා අවම බස් ගාස්තුව රුපියල් 34 ක් දක්වා පහළ දමා තිබේ.

    Latest News