පෞද්ගලික බස්රථ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වී තිබේ. කිසිදු දැනුම් දීමකින් තොරව, බස් ගාස්තු පහළ දැමීමට ක්‍රියා කිරීම සහ ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම හේතුවෙනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර සාකච්ඡාවක් අද (08) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

රථවාහන සඳහා මෑතකදී හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

Latest News