අවදානම් කණ්ඩායම් වෙත කොවිඩ් එන්නත කඩිනමින්

පෙබ 08, 2021

    පසුගිය මස 29 වැනි දින ආරම්භ කළ කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටත් ඊයේ (07) දිනය වන විට පුද්ගලයින් 161,773 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

    කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව හඳුනාගත් වැඩි අවදානම් කණ්ඩායම් වෙත එන්නත් ලබා දිමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බව, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීමෙන් අනතුරුව වැඩි අවදානම් පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

    Latest News