700 මදි 1000ක් ඕන

ජන 26, 2019

    වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එක්බද්ධ වෘත්තිය සමිතියත් රජය පාර්ශවයත් එක් වී තම දෛනික මුලකි වැටුප රු.700 දක්වා වැඩි කිරිමට ගත් එකගතාවය පිළි නොගන්නා බව පවසමින් වතු කම්කරුවෙක් හැටන් නගරයේ මල්ලිඅප්පු මංසන්ධියේ සත්‍යග්‍රහයක් අරම්භ කර තිබේ.

    අද (26) උදැසන 10.00 ට  දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පදිංචි 57 හැවිරිදි සිවනා ද ගනේෂන් විසින් මෙම සත්‍රයග්‍රහය අරම්භ කර ඇත.

    තමන්ට රු.1000ක මුලික වැටුපත්  ලබාදෙන ලෙස වතු කම්කරුවන්  කිසිවෙක් දේශපාන අධිකාරියෙන් ඉල්ලා නොසිටි බවත්, දේශපාන අධිකාරිය විසින්ම රටේ දැනට පවතින ජිවන වියදම අනුව රු 1000 දෛනික මුලික වැටුපක් ලබාදෙන බව ප්‍රකාශ කරමින් රු 700 ක දෛනික මුලික  වැටුපක් ලබාදිමට කටයුතු කිරිම පිලිගත නොහැකි බවයි නිවනාද ගනේෂන් කියා සිටින්නේ.

    රටේ දැනට පවතින ජිවන වියදම අනුව එම රු.700  මුලික වැටුප ප්‍රමාණවත් නොවන බවත්, දේශාපාලන අධිකාරිය මගින් පොරොන්දු වු රු.1000 ක දෛනික මුලික වැටුප ලබාදෙන ලෙසයි  සිවනාද ගනේෂන්  කියා සිටින්නේ.

     

    Latest News