කම්කරුවන්ට වැඩිම වැටුප ලැබූ ප්‍රථම අවස්ථාව - පා.ම තොණ්ඩමන් (වීඩියෝ)

ජන 26, 2019

    වතු කම්කරුවෙකුගේ මුලික වැටුප වැඩි මුදලකින් වැඩි වු ප්‍රථම අවස්ථාව මෙය බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

    වතු කම්කරුවන් කරන ලද ඉල්ලීම අනූව ඔවුන්ගේ මූලික වැටුප රු.700 දක්වා ඉහළ නැංවීය.අමාත්‍යය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මන්ත අමාත්‍යංශයේ දි  වතු හාම් පුතුන්ගේ සංගමය, වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී එකගතාවයට පැමිණ මෙම වැටුප් වැඩි කිරිම සිදු කෙරිණ.

    වතු කම්කරුවෙකුට මෙතෙක් ගෙවු රු.530 දෛනික මුලික වැටුප රු.700 දක්වා ඉහළ දමා ඇති අතර මුලික වැටුපට අමතරව දිනකට පැමිණිමේ දීමනාව වශයෙන් රු.50 දිමනාවක් ද දිනක වැටුපට අමතරව නෙලන අමු තේ දළු කිලෝවක් සදහා මෙතෙක්  ගෙවු රු 25 මුදල රු 40 දක්වා ඉහල දැමිමට වතු සමාගම් එකගතාවය පල කර තිබේ.

    වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර වසර 2කට බල පැවැත්වෙන සේ  නව අවබෝධතා ගිවිසුම මේ මස 28 වැනි දින අත්සන් කිරිමට නියමිත බවයි, ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රිවරයා කියා සිටියේ.

    වතු කම්කරුවන්ගේ මුලික වැටුප් වැඩි කිරි සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසු වතු කම්රුවන්ට මාස තුනක හිග වැටුප් දිමනා ගෙවිමට ද මෙම සාකච්ඡාවේ දී වතු සමාගම් විසින් එකඟතාවය පළ කර ඇත.

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 21:40

    Latest News