හමුදාව එළියට ඇද්ද කන්දල්කාඩු ජාවාරම (ඡායාරූප)

ජන 26, 2019

    කන්දල්කාඩු ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් හා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරීන් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින්.

    ඔවුන් සතුව තිබී ටිපර් රථ 02 ක් සහ වැලි කියුබ් 06 ක් නාවික හමුදාව භාරයට ගැනිණ. සැකකරුවන් හා ටිපර් රථ, වැලි කියුබ් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියාපොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    මේ අතර ඊයේ (ජනවාරි 25) උදෑසන ද කන්තලේ, දෙහිවත්ත ප්‍රදේශයේ දී මෙවැනිම අනවසර වැලි ජාවාරම්කරුවන් 06 දෙනෙකු කොටු කර ගැනීමට නාවික හමුදාව සමත් විය. 

    භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිතුමාගේ සහජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් සහ දුෂණ මැඩපැවැත්විමට නාවික හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇතඒ අනුව වර්තමාන නාවික හමුදාධිපතිතුමාගේ මඟපෙන්විම අනුව මෙවැනි නීති විරෝධී වැලි ජවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත.

    1

    8

    6

    7

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 11:40

    Latest News