අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

ජන 23, 2021

    අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්, සිනමා විචාරකයෙක්, මාධ්‍යවේදියෙක්, පරිසරවේදියෙක්, ගුරුවරයෙක් මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) උපදෙස් දුන්නේය.

    ඒ අනූව එතුමාගේ අවසන් කටයුතු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කරනු ඇත.

    ඒ සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් ජී.විජේවීර මහතාට අග්‍රාමාත්‍යතුමා අද දින උපදෙස් දී තිබේ.

    Latest News