බස්නාහිර සා.පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි

ජන 24, 2021

    හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ ද හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘත කිරීමට නියමිතයි.

    සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් 907ක් හෙට සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවයි,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

    ඒ අනූව හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

    උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය පසුගිය 16 වනදා නිකුත් කෙරුණි.

    ඒ අනුව උපකාරක පන්තියකට සහභාගී කරගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100 දෙනෙක් දක්වා පමණක් බව අදාළ චක්‍රලේඛයෙන් නිර්දේශකර තිබේ.

    එමෙන්ම උපකාරක පන්ති මෙවර විභාගයට පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    Latest News