තවත් කොවිඩ් මරණ 8ක්

ජන 18, 2021

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

    ඔවුන් කොලොන්නාව, බොරැල්ල, උඩුපුස්සැල්ලාව, කෑගල්ල, දෙහිවල, පොළොන්නරුව, කොළඹ 08 සහ උඩුදුම්බර යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව, අද (18) දින උදෑසන වනවිට ‍මෙරටින් වාර්තා වන කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 264 ක් දක්වා ඉහළ ගොස් ඇත.

     

    Death

    Last modified on සදුදා, 18 ජනවාරි 2021 08:55

    Latest News