තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජන 18, 2021

    අද (18) දින උදෑසන UL 1264 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 75 දෙනෙකු සහ QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 29 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද (18) දිනය තුළ UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 09 දෙනෙකු, MAGAN 292 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු, UL 184 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට එක් පුද්ගලයෙක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.

    UL 186 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට පුද්ගලයින් 06 දෙනෙකු සහ UL 230 දරණ මගී ගුවන් යානය මගින් කුවේට් සිට පුද්ගලයින් 297 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (18) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83ක් තුළ පුද්ගලයින් 7,173 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (17) දිනය තුල PCR පරික්ෂණ 15,218 ක් සිදුකර ඇත.

    Latest News