කොග්ගල වෙළඳ කලාපයේ තවත් ආසාදිතයින් 22ක්

ජන 15, 2021

    කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් තවත් ඇගලුම් සේවක සේවිකාවන් විසි දෙදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

    ඊයේ (14) රාත්‍රී ලැබුණු පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල මත තවත් විසි දෙදෙනෙක්ට (22) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුර වී ඇති බව ද ඔහු පවසයි.

    මේ වන විට මෙකී ඇගලුම් කම්හල් දෙකෙන් කොරෝනා ආසාදිත රෝගීන් 34 දෙනෙක් වාර්තා වී ඇති බව ද හෙතෙම පවසයි.

    එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් විසි දෙනෙක් හා අනෙක් ඇගලුම් කම්හලින් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී තිබේ.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 10:53

    Latest News