ගාල්ල - මාතරට මි.මි 100 ඉක්මවූ තව වැසි

ජන 15, 2021

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද (15) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.

    නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක් පමණ තරමක තදවැසි ද ඇතිවිය හැකිය.

    සෙසු ප්‍රදේශවල සවස 1.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තරමක් තදවැසි ඇතිවිය හැකියි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Latest News