හුදෙකලා ප්‍රදේශවල සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අනිවාර්යයි..

ජන 15, 2021

    හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව සෞඛය පුරුදු නිරන්තරයෙන් අනුගමනය කරන ලෙස පොලීසිය අවධාරණය කරයි.

    නියෝජ්‍ය පොලිස්පති අජිත්‍ රෝහණ මහතා පවසන්නේ,එසේ නොවුනහොත් එම ප්‍රදේශ තවදුරටත් හුදෙකලා තත්වයෙන් පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවයි. අද (15) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 6,790 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (14) දිනය තුල PCR පරික්ෂ්ණ 14,565 ක් සිදුකර ඇත.

    Latest News