දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ

ජන 07, 2021

    පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අද (07) අලුයම අඩි තුන බැගින් විවෘත කල බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.

    ඊයේ රාත්‍රියේ ජලාශය වාන් මට්ටමට පැමිණි අතර මේ වනවිට එහි ජල මට්ටම මීටර් 70.8 ක් ලෙස දැක්වෙයි.

    ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 8400ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහැරෙන බවත් මේ හේතුවෙන් කිසිසේත්ම පහළ ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇති නොවන බවද වාරි නිලධාරීන් සදහන් කළහ.

    ඉදිරියේදී ලැබෙන වර්ෂා තත්වය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

    දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර 60000කි. එහි ජලාශයෙන් ගොඩ සහ මඩ වගාබිම් අක්කර 6000 කට ජලය සැපයේ.

    Latest News