දැදුරුඔය ජලාශයේ දොරටු 4ක් විවෘත කෙරේ

මැයි 14, 2021

    පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අද (14) අලුයම සිට අඩි තුන බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පවසයි.

    දොරටු විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝණ අඩි 8400 ක ජල ධාරිතාවයක් ජලාශයෙන් දැදුරුඔයට මුදාහැරෙන අතර මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට කිසිසේත්ම ගංවතුර තත්වයක් නොවන බවද වාරි ඉන්ජිනේරුවරයා ප්‍රකාශ කළේය.

    ජලාශයේ ජල මට්ටම අද (14) උදෑසන සවස වන විට මීටර් 70.7 ක් ලෙස දැක්වින.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 10:49

    Latest News