ලාංකිකයින්ට විදේශ අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව දිවයිනට පැමිණීමට අවසර

දෙසැ 20, 2020

    ලබන 26 වන දිනෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදාවන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේය.

    මීට පෙර මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසර ගෙන ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබිණ.

    කෙසේ වෙතත් දිවයිනට පැමි‍ණීමේ දී පනවා ඇති අනෙකුත් සෞඛ්‍ය නීතිරීතවල කිසිඳු‍ වෙනසක් සිදුකර නොමැති බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

    මෙලෙස පැමිණෙන ලාංකිකයින් අනිවාර්යෙන්ම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකළ යුතු අතර දිනකට එම පරීක්ෂණ මෙරට ගුවන් තොටුපොළ තුල සිදුකිරීමේ ධාරිතාව පවතින්නේ 3,500ක් පමණයි.

    Latest News