විදේශයන්හි සිටි තවත් ලාංකිකයින් 100ක් දිවයිනට

දෙසැ 14, 2020

    සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස්, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙක් අද (14) දින නැවත මෙරටට පැමිණියේය.

    ඒ අනූව සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙක්,සිංගප්පූරුවේ සිට 08 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට 42 දෙනෙක් ද මෙලෙස පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායනය සඳහා යොමුකර තිබේ.

    Latest News